වසර 100කට පසු හොල්මන් කරන පාරාවන්ගේ ශාපය
වසර 100කට පසු හොල්මන් කරන පාරාවන්ගේ ශාපය පුරාණ ඊජිප්තුව මිසරය නමින් හැඳින්වෙන අතර මිසරය පාලනය කළ රජවරුන් හැඳින්වෙන්නේ ''පාරාවෝ'' යනුවෙනි. පාරාවන් අතරින් කැපී පෙනෙන තැනැත්තකු ලෙස තුතන්කාමන් සැලකෙයි. ''ළමා රජ්ජුරුවෝ'' යන නමින් ද හැඳින්වෙන තුතන්කාමන් රජු, මිසරය පාලනය කළේ මීට වසර 3,000කට පෙර ක්‍රි.පූ. 1332 සිට 1323 තෙක් කාලයේය. තුතන්කාමන් ''ළමා රජ්ජුරුවෝ'' යන නමින් හැඳින්වෙන්නේ, රජකම ලබද්දී ඔහුගේ වයස අවුරුදු 10ක් බව පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් අනාවරණය කරනු ලැබ තිබීමය. තුතන්කාමන් වයස අවුරුදු 19 දී අබිරහස් අන්දමින් මියගියේය. එය ඝාතනයක් හෝ හදිසි අනතුරක් හෝ විය හැකි යැයි තර්ක විතර්ක පවතී. තුතන්කාමන්ගේ දේහය සහිත මිනී පෙට්ටිය තැන්පත් කළ සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ 1922 දීය. සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ ''තුත් අක්හ් අමුන්’පළාතෙනි. පසුගිය දා තුතන්කාමන්ගේ දේහය සහිත රනින් කළ ඒ මිනී පෙට්ටිය ගීසා පිරමීඩ ඇති ස්ථානයට නුදුරින් අලුතින් ඉදිකළ ''මහා ඊජිප්තු කෞතුකාගාරය'' වෙත රැගෙන යෑම සිදුවිය. තුතන්කාමන්ගේ මිනී ...