දකුනේ කෑම🥥

 දීකිරි පොල්


විද්‍යාත්මකව පැහැදිලි කරන්න දන්නෙ නෑ. නිසා මම දන්න කරුණු වලට අමතරව උපුටා ගත්ත කරුණු ටිකකුත් පහලින් දානවා.


දී කිරි  පොල් දකුණට ආවේණිකයි කියල තමයි කියන්නෙ.සාමාන්‍යයෙන් ගස් වලම තමයි දී කිරි ගෙඩිත් හැදෙන්නෙ.පොල් ගෙඩිය බිඳලම තමයි හරියටම දීකිරි ගෙඩියක්ද නැද්ද කියලා තහවුරු කර ගන්න ඕන.

අනිත් ගෙඩි වලට සාපේක්ෂව ටිකක් බරයි.සාමාන්‍ය පොල් ගෙඩියෙ වගෙ වතුර හෙලවෙන්නෙ නැහැ.⁣


පොල් මදය තෙල් ගතියෙන් යුක්තයි. වගේම මෘදුයි.සාමාන්‍ය පොල් කෑල්ලක් අතින් පොඩි කරන්න 

බැහැනෙ.නමුත් දී කිරි පොල් අතින් පොඩි කරන්න පුළුවන්.පිටි ගොඩක් වගේ.සමහර ගෙඩිවල ඇතුලෙ 

උකු දියරයක් තියෙනවා.ඒකත් කෑමට ගන්නවා.


දී කිරි පොල් වාජීකරණ ගුණයෙන් යුක්තයි . කියන්නෙ ලිංගික ශක්තිය වැඩි කරනවා.කතාවට අහල ඇතිනෙමුස්ලිම් ජාතිකයින් ආඳා මාලු ,දූරියන් සහ දීකිරි පොල් එක්ක තියෙන සම්බන්ධය ගැන.😏😏

සාමාන්‍යයෙන් දී කිරි පොල් ගෙඩියක් රුපියල් හාර පන්සීයකට උනත් මිලදී ගන්න අය ඉන්නවා.

දී කිරි පොල් සීනි,පැණි  එක්ක කන්න පුළුවන් .විවිධ කැවිලි වර්ගත් හදනවා.දෝසි,අලුවා වගේ..කාපු අය රස ගුණ දන්නවාඇති.එහෙම දෙයක් ලංකාවෙ තියෙනවද කියලවත් නොදන්න අයත් ඇති.කොහොම හරි  තමයි දී කිරි පොල්...


පොල්ගෙඩියක භ්‍රෑණ පෝශය යනු පොල් ගෙඩියේ කලලයට පෝශනය සපයන ජලයේ දිය නොවන ද්‍රව්‍යයකි .


මේ සදහා කුරුම්බා ගෙඩියක් පොල් බවට පරිවර්තනය වීමේදී පොල් වල පවතින 

ඇල්ෆා ඩී ග්ලුකොසිඩේස් එන්සයිමය මගින්කුරුම්බා වතුර ඝන පොල් පොල් වතුර බවට පත්කරනවා.


ස්භාවිකව ඉතා සුලු ප්‍රතිශතයක් පමණක් ඇති දීකිරි පොල් ලෙස හදුන්වන පොල් ගස් වල හටගන්නා 

පොල්වල මෙම ඇල්ෆාග්ලුකොසිඩේස එන්සයිමය නිපදවීම සදහා පවතින ජානය විකෘති  තියෙනවා.


එමනිසා එම ගස්වල කුරුම්බා පොල් බවට පත්වීමේදි පොල් හා පොල් වතුර බවට පත් නොවී  වෙනුවට ජෙලි ආකාර සුදු පැහැද්‍රව්‍යයක් සාදනවා.


බොහෝ විට පොල් ගෙඩියේ කුහරය පුරාම මෙම ද්‍රව්‍ය පිරී පවතිනවා.මෙම පොල් දීකිරි පොල් ලෙස 

හදුන්වනවා.

                

දීකිරි පොල් ඉතාමත් ශක්ති ජනක ආහාරයකිමැලේසියාව හා ඉන්දුනීසියාවේ මේවා ඉතාමත් ජනප්‍රියය..


 දීකිරි පොල් යොදා   හදන සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු බොහොමයක් ඇත.


🌴පොල් ටොෆි

🌴 ජෑම් ලෙස (මුස්ලිම් ජාතිකයින්⁣ ආහාරයට ගන්නා ක්‍රමයකි)

🌴අයිස්ක්‍රීම් සමග අමතරව එක්කර කෑමට.(මෙවැනි අතුරුපසක් ඉතාමත් මිළ අධිකය.මැලේසියාවේ ඇත)

🌴 දෝසි.

🌴පැණි හෝ සීනි සමග,මී කිරි කන ක්‍රමයට


💖දීකිරි වල ඇති පෝශණ ගුණ


🌴වාජීකරණ ගුණයෙන් ඉතා ඉහලයි.

🌴 ලිංගික ශක්තිය වැඩි කරන ස්වභාවික  ආහාරපාන අතර ඉතා ඉහල මට්ටමක ඇති ආහාරයකි.

🌴අධික තන්තු සහිත ආහාරයකි.ආහාර දීරවීම පහසුකරයි.අජීර්ණ ඇති අයට සුදුසුය.

🌴මේද අම්ල අධිකය.

🌴ඛනිජ ලවණ අධිකය.

🌴විටමින් අධිකය.

🌴ජීර්ණය කළ හැකි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අධිකය.

🌴ප්‍රෝටීන් ප්‍රමාණය අධිකය.


දීකිරි පොල් වලින් පැල හට ගැනීමෙ ප්‍රතිශතය අඩුය.

නමුත් CRI(පොල් පර්‍යේශන ආයතනයවිසින් මෙම පොල් ආර්තික වශයෙන් ලාබදායි ලෙස නිශ්පාදන

 කිරීම සදහා දීකිරි පොල්වලින් ඒවායේ කළළ පිටතට ගෙන වෙනම පෝශන මාධ්‍යයක කළල රෝපණය කර දීකිරි පොල් පැල සාදා ඉහළ ඉල්ලුම පවතින සමාගම්වලට සපයයි.

දීකිරි පොල් ගස් ගැන නොදන්නා සමහරුන් එම ගස් පොල් කුණුවන ගසක් යැයි සිතා නොදැනුවත්කම 

මත කපා දැමූ අවස්තාද ඇත.




Comments

Post a Comment