සොදුරු සිහින දකින්න..සුව නින්දක් ලබන්න
සිහින අල්ලා ගැනීම පුරාණ චිපෙවා සම්ප්රදායක්. සිහින දැල නරක සිහින අල්ලා ගනී.හොඳ සිහින මඟ හැරී යන අතර.නරක සිහින පැටලී ඇත.
හොඳ සිහින මැද සිදුර හරහා ලිස්සා යයි, ඔබ ඔබේ ඇඳ මත සිහින දකින අතරතුර.
මෙය පුරාණ පුරාවෘත්තයකි.
සිහින කිසිදා නතර නොවන බැවින්, මෙම සිහින දැල ඔබේ ඇඳට ඉහළින් එල්ලා තබන්න, සිහින දකිමින් සාමයෙන් සිටින්න.
හීන දකින්න ඇස් ඇරගෙන වගේම ඇස් වහගෙනත් පුලුවන්. ඇස් වහගෙන දකින හීන හැබෑ කරගන්න නම්, ඒ හීන ඇස් ඇරගෙන සැලසුම් කරන්න වෙනවා.
ඒ අතරේ ඇස් පියාගත්තාම නපුරු නරක හීනත් පේනවා. නපුරු සිතුවිලි හිතට එබිකම් කරනවා. මෙන්න මේ නපුරු හීන , සිතුවිලි පෙරලා දාලා අපිව ආරක්ශා කරගන්න තමයි Dream Catcher හැදෙන්නේ.
Dream Catcher එකක් හඳුන්වන්නේ පූජනීය චක්‍රයක් විදියට. අපි බොහෝ දෙනෙක් හිතුමතේ ගෙනල්ලා, ලස්සනට එල්ලලා තියාගත්තාට Dream Catcher පිටුපස්සේ අපූරු සැඟවුණු කතාවක් තියෙනවා.
❤ඇමරිකානු ආදිවාසින්ගේ දරුවන් රකින්නයි හදලා තියෙන්නේ
දැන් දකින දකින විසිතුරු භාණ්ඩ අලෙවිහල් වලින් මිලදී ගන්න පිලිවන් වුනාට Dream Catcher වල සම්බවය සහ මුල්ම අයිතිය තියෙන්නේ ආදි ඇමරිකානු ආදිවාසින්ට. ඒ අතරිනුත් ඔජිබ්වේ සහ ලකෝටා කියන ගෝත්‍ර දෙක තමයි Dream Catchers ගැන වැඩිපුරම විශ්වාස කලේ. ලෝකේ බොහෝමයක් ජාතින් මකුලුවව අප්‍රසන්න බඩගාගෙන යන සතෙක් විදියට දකිද්දී, ඔජිබ්වේ සහ ලකෝටා ගෝත්‍ර මකුලුවාව පිලිගත්තේ ආරක්ශාවේ සහ සුවපහසුවේ සංකේතයක් විදියට.
මේ ඔජිබ්වේ ගෝත්‍රිකයන් කියන විදියට, ගුප්ත සහ මාතෲ ගතිදරන "ස්පයිඩට් වුමන්" කෙනෙක් ඔවුන්ගේ ගෝත්‍ර වල තරුණ ළමයින්, කුඩා ළමයින් සහ ළඳරුවන්ට ආරක්ශාව සපයනවා. නමුත් ගෝත්‍ර විශාල වෙලා පිරිස් වෙන වෙන තැන් වල පදිංචි වෙන්න ගත්තාම මේ ස්පයිඩර් වුමන්ට බැරි වෙනවා හැම කෙනෙක්ගේම ආරක්ශාව බලාගන්න. අන්න ඒ නිසාලු ඒ ස්පයිඩර් වුමන් Dream Catcher එකක් හැදුවේ. ඒ පාරේ යමින්, ඔජිබ්වේ ගෝත්‍රයේ අම්මලා ආච්චි අම්මලා තමන්ගෙන් දුරස් වෙලා ඉන්න දරුවන් නපුරු හීන සහ සිතුව්ලි වලින් ආරක්ශා කරගන්න Dream Catchers හදලා තියෙනවා.
නපුරු හීන සහ රාත්රියේසැරිසරන නපුරු ආත්ම වලින් කුඩා දරුවන් සහ නිදා සිටින පුද්ගලයන් ආරක්ශා කිරීමට තමයි ඉස්සෙල්ලාම Dream Catcher කාමරවල නිදාගන්න තැන් වල ඉහලින් එල්ලන්නේ. ඇමරිකානු ආදිවාසින් විශ්වාස කරන විදියට රාත්‍රී සුළඟ යහපත් සහ අයහපත් හීන සහ සිතුවිලි වලින් පිරිලා තියෙනවලු. ඉතින්, මේ Dream Catcher එකක් නිදාගෙන ඉන්න තැනකට ඉහලින්, උදේට හිරු එළිය වැටෙන විදියට එල්ලන්න ඒ අය පුරුදු වෙලා ඉන්නවා. ඔවුන්ගේ විශ්වාසය තමයි, රෑට හුළඟේ පාවෙලා එන හැම හීනයක් සහ සිතුවිල්ලක්ම Dream Catcher එක අවශෝෂණය කරගෙන ඒකේ තියෙන දැලේ පටලවාගන්න බව. ඊට පස්සේ ඒ අතරේ තියෙන යහපත් හීන සහ සිතුවිලි Dream Catcher එකෙන් පෙරිලා, එකේ තියෙන පිහාටු දිගේ නිදාගන්න කෙනාගේ මනසට ඇතුලුවෙන බවත්, අයහපත්, නපුරු හීන සහ සිතුවිලි දැලේම පැටලිලා තිබිලා උදේ වැටෙන හිරු එලියේ පිච්චිලා විනාශ වෙන බවත් ඔවුන් විශ්වාස කරනවා.
❤හැම කොටසකම සැඟවුණු කතාවක්
Dream Catcher එකක් සාමාන්‍යයෙන් තියෙන්නේ වෘත්තාකාර සැකිල්ල එක්ක. ඇමරිකානු ආදිවාසින් විශ්වාස කරන්නේ, ඒ වෘත්තාකාර සැකිල්ලෙම් නිරූපණය වෙන්නේ අපේ ජීවන චක්‍රයේ තියෙන වෘත්තාකාර බව, ඒත් එක්කම ඉරයි, හඳයි අහසේ වෘත්තාකාර ගමන් මඟක යෑමත් මෙයින් නිරූපණය කෙරෙනවාලූ.
Dream Catcher එකේ තියෙන දැල හීන අල්ලගෙන ඒ හීන පෙරන පෙරණයක් විදියට ක්‍රියා කර
න බවයි විශ්වාස කරන්නේ. ඒත් එක්කම පෙරිලා ඉතුරු වෙන නරක හීන පහුවෙනිදා පාන්දරම වැටෙන හිරු එලියෙම් ඒ දැලේම තියලා පුලුස්සලා දානවලු.
Dream Catcher එකේ තියෙන පිහාටු වලින් පෙන්නන්නේ අපූරු ඉණිමඟක්. අර දැලෙන් පෙරිලා එන යහපත් හීන වලට නිදාගෙන ඉන්න පුද්ගලයා ට බාධාවක් නොවෙන්න ඔහු තුලට යන්න උදව් කරන්නෙ පිහාටු බව විශ්වාස කරනවා.
ඒත් එක්කම Dream Catchers සරසවන්න භාවිතා කරන පබළු වලිනුත් අපූරු අදහසක් නිරූපනය වෙනවා. සමහර ඇමරිකානු ආදිවාසින් විශ්වාස කරන්නෙ පබලු වලින් පේන්නේ මකුලුවෝ කියලා. ඒ මකුලුවෝ Dream Catcher එකේ තියෙන දැල වියනවා කියලා කියවෙනවා. ඒත් එක්කම තව පිරිසක් විශ්වාස කරන්නේ, දැලේ රැඳිලා විනාශ නොවෙන යහපත් හීන මේ පබළු වලින් නිරූපණය වෙන බව. ඒ පබළු අමරණීය ආකර්ෂණීය හීන නිරූපණය කරන බව.
**Dream Catcher එකක් වෙන්න.
ජීවිතේ යහපත් හීන, සිතුවිලි විතරක් අනෙක අය එක්ක බෙදා ගන්න. අනෙක් අයට යහපත් හීන වෙනුවෙන් ආශිර්වාද කරන්න. ඒත් එක්කම අයහපත් හීන, සිතුවිලි ඔබේ හිත අස්සේම එකතු කරලා ඔබම පුලුස්සා දාන්න. කිසිම කෙනෙක්ට අයහපත් සිතුවිලි වලින් සංග්‍රහ නොකර ඉන්න උත්සාහ කරන්න. ඔබත් Dream Catcher එකක් වෙන්න...
❤
ReplyDelete